වාර්තා තියලා සනා මතක් කරමින් පොඩි සනා ගහපූ සුපිරි ඉනිම මෙන්න VIDEO
ඉන්දියාව බංගලාදේශය සහ සත්කාරක ශ්‍රී ලංකාව සමඟ කොළඹදී අද ආරම්භ වූ නිදහස් කුසලානයේ පලමු තරඟයෙන් ශ්‍රී ලංකාව විශිෂ්ට ජයක් වාර්තා කලා කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා නායක දිනේෂ් චන්දිමාල් තීරණය කලේ ප්‍රථමයෙන් පන්දුවට පහර දීමේ අවස්‍ථාව ඉන්දියාවට ලබා දීමටයි.
අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායමේ ප්‍රබලම පිතිකරුවන් දෙදෙනා වන නායක රෝහිත් ෂර්මා සහ සුරේශ් රයිනා අඩු ලකුණු ගණනකට පිටියෙන් ඉවත් කිරීමට නුවන් ප්‍රදීප් සහ දුෂ්මන්ත් චමීර සමත්වුනා.එහෙත් වේගවත් පිතිහරඹයක නිරතවුන ශීකර් ධවන් ලකුණු 90ක් ලබා ගත් අතර ඉන්දීය ලකුණු පුවරුව 173ක් දක්වා ඉහළ නැංවීමට ඔහුට හැකිවුනා.
පිළිතුරු ඉණිම ක්‍රීඩා කිරීමට පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායමේ පලමු කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් පිටියෙන් ඉවත්වුනේ ලකුණු 6ක් ලබා සිටියදීයි.ධනුෂ්ක ගුණතිලක ලකුණු 19ක් සහ නායක දිනේෂ් චන්දිමාල් ලකුනු 11ක් ලබා ගත්‍තා.
ප්‍රේමදාස පිටියට පැමිණ සිටි ප්‍රේක්ෂකයින් කුල්මත් කරමින් මනරම් පිතිහරඹයක නිරත වුනු කුසල් ජනිත් පෙරේරා පන්දු 37ක් තුල ලකුණු 66 ක් ලබා ගත්තාහතරේ පහර 6ක් සහ හයේ පහරවල් 4ක් ඔහුගේ පිත්තෙන් වාර්තා වුන අතර ස්ටම්ප් කිරීමකට හසුව ඔහු දැවී නොයන්නට තරඟය නිමා වන්නට නියමිතව තිබුනේ මීටත් පෙරයි උපුල් තරංග සහ දසුන් ශානක ඉන් අනතුරුව එක් වූ අතර ඔවුන් දෙදෙනා ක්‍රම ක්‍රමයෙන් ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා කණ්ඩායම රැගෙන යන්නට වුනා.එහෙත් මුලු ලකුණු ගනන 137ක් ව තිබියදී ලකුණු 17ක් ලබා ගෙන සිටි උපුල් තරංගව පිටියෙන් ඉවත් කරන්නට ඉන්දීය දඟ පන්දු යවන්නන් සමත්වුනාඒ තරඟයේ 15වෙනි පන්දු වාරයේදීයී.
ඉන් අනතුරුව දසුන් ශානක හා එකතු වුනේ තිසර පෙරේරායි.පන්දුවෙන් පන්දුවට පන්දු යවන්නන්ව දිරිමත් කරමින් ජයග්‍රහණය ශ්‍රී ලංකාවෙන් උදුරාගන්නටරෝහිත් ශර්මා උත්සාහ කලත් එය සාර්ථක වුනේ නැහැ තරඟය ජය මාවතට ගෙන් යමින් තිසර පෙරෙරා ලකුණු 22 ක් සහ දසුන් ශානක නොදැවී ලකුණු 15 ක් ලබා ගත්තා.
Comments
Post a Comment