අද බංගලියන්ට ක‍්‍රිකට් එපා කරමින් සිංහයො පිිටිය දෙවනත් වෙන්න ගැහුවේ මෙහෙමයි කුසල් ලා දෙන්නයි උපුලයි ධනුෂ්කයි අම්මො ගහන ගැහිල්ල video
නිදහස් කුසලාන තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම හා බංගලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ‍්‍රී ලංකාකණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු 06ක් පමණක් දැවී ලකුණු 214ක් ලබා ගැනීමට සමත්විය එය බංගලාදේශ කණ්ඩායමට එරෙහිව ශ‍්‍රි ලංකා කණ්ඩායමක් ලබාගත් වැඩිම විස්සයි විස්ස ලකුණු ලෙස වාර්තා අතරට එක්විය.
බංගලාදේශයෙ ඇරයුමෙන් පළමු පන්දුවට පහරදීමට පැමිණි ශ‍්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් පළමු කඩුල්ල වෙනුවෙන් 56ක් එක් කිරීමට සමත්වියමුස්තාෆිසර් රෙහෙමාන්ගේ වේගය අඩාල කල පන්දුවක් කෙලින්ම කඩුලෙල් වැදීමෙන් ධනුෂ්ක ගුණතිලක ලකුණු 26කට දැවී යාමත් සමග පළමු කඩුල්ලේ සම්බන්ධතාව නිමාවිය.
අනතුරුව පිටියට එක්වූ කුසල් ජනිත් පෙරේරා කුසල් මෙන්ඩිස් සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 85ක සම්බන්ධතාවක් පැවැත්වීමට සමත්වු අතර ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් පෙරේරා මෙම තරගාවලියේ ලබාගත් දෙවැනි අර්ධ ශතකයකරමින් හයේ පහර 02ක් හා හතරේ පහර 08ක් සමගින් ලකුණු74ක් ලබා ගැනීමට සමත්විය.
කුසන් මෙන්ඩිස් ප‍්‍රහාරාත්මක ඉනිමක් දියත් කරමින් පන්දු 30ක් තුළ හයේ පහර 05ක් හා හතරේ පහර 02ක් සමගින් ලකුණු 57ක් රැුස් කිරීමට සමත්විය කුසල් දැවී යාමත් සමග යළි තරගයට අවතීර්ණ වූ බංගලි පන්දු යවන්නන් දසුන් ශානක 0 හා දිනේෂ චන්දිමාල් 2 ඉක්මනින් ක‍්‍රිඩා ගාරයට යැවීමට සමත් වුවත් හයවැනි පිතිකරුවා ලෙස පිටියට පැමිණි උපුල් තරංග වේගවත් ප‍්‍රහාරයක් දියත් කරමින් යළි තරගය සිංහ පිළ වෙත හරවා ගැනීමට සමත්විය.
තරංග පන්දු 15කට පමණක් මුහුණ දෙමින් නොදැවී ලකුණු32ක්රැුස්කිරීමටසමත්වුඅතරකුසල් සමගඑක්වපස්වැනිකඩුල්ල වෙනුවෙන් ලකුණු 55ක් එක් කිරිමට සමත්විය පන්දු යැවීමේදී නායක මහමදුල්ලා කඩුලු 02ක් දවා ගැනිමට සමත්වු අතර මුස්තාෆිසර් කඩුලු 03ක් දවා දවා ගැනීමට සමත්විය.
Comments
Post a Comment