ඊයේ PSL හොල්ලපු අපේ සංගා ගහපු සුපිරි ඉනිමයි තාහිර්ගේ සුපිරි කඩුලු ත්‍රිත්වය යි මෙන්න VIDEO
තරඟයේ කාසිය වාසිය දිනාගත් මුල්ටාන් කණ්ඩායමේ ආරාධනයෙන් පන්දුවට පහර දීමට පැමිණි කටාර් කණ්ඩායම තම පන්දුවාර 20 පහර දීමට හැකියාවනොලැබුන අතර පන්දුවාර 15.4 කදී සියලු දෙනා දැවී ගිය අතර කටාර් කණ්ඩායමට ලබාගත හැකි වුයේ ලකුණු 102ක් පමණය වැඩිම ලකුණු ලාබියා බවට පත්වූ සෆ්රාස් අහමඩ් ලකුණු 30ක් ලබාගත් අතර පන්දු යැවීමේදී සොහෙල් තන්වීර්ඉ ම්රාන් තාහීර් කඩුලු 3 බැගින් ලබා ගනිද්දී ජුනයිඩ් ඛාන් කඩුලු 2ක් ලබා ගන්නට සමත් විය.
ලකුණු 103ක් හඹා යාමට පැමිණි මුල්ටාන් කණ්ඩායමේ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 66 ක සම්බන්දතාවයක් පැවැත්වීමට මුල්ටාන් ආරම්භක පිතිකරුවන් දෙදෙනා වූ කුමාර සංගක්කාර සහ අහමඩ් ශේශාඩ් දෙදෙනා සමත් වූ අතර ශේශාඩ් ලකුණු 27 කට දැවී යාම සමඟ අංක තුන පිතිකරු ෂොහිබ් මෂුඩ් සමඟ එකතුවූ කුමාරසංගක්කාරලකුණු 51ක් නොදැවී ලබා ගනිමින් මුල්ටාන් කණ්ඩායම ජයග්‍රහණයවෙත රැගෙන යාමට සමත් වූ අතර සංගා තරඟය අවසානයේ පැවසුවේ තමන් හැකි තරම් කෙලින් පහර දී ලකුණු ලබා ගැනීමට උත්සාහ කලබවත්තවමත්තමන්ලකුණුලබා ගැනී.
මෙන් දැඩි සතුටකට පත් වන බවය.එමෙන්ම මෙම තරඟයේ කඩුලු ත්‍රිත්වයක් ලබාගත් ඉම්රාන්ත හිර්ගේ හැකියාව ගැනද සංගා සතුටු වුන අතර එම දක්ෂතාවට සුබ පතන්නට ද සංගා අමතක කලේ නැත තරඟයේ වීරයා බවට පත්වුයේ සොහෙල් තන්වීර්ය.
Comments
Post a Comment