කුසල් මාරයි තරගය හමාරයි කුසල්ගේ සුපිරි ඉනිමෙන් චන්දිගේ වාසනාවෙන් ඉන්දියාව අන්ත අසරන කරමින් සිංහයො දින්නේ මෙහෙමයි video

ජයග‍්‍රහණය සදහා ලකුණු 175ක ඉලක්කයක් හඹාගිය ශ‍්‍රී ලංකා කන්ඩායම පන්දුවාර 18.3ක් තුළ කඩුලූ 05ක් පමණක්දැවීජයග‍්‍රහණයතහවුරු කර ගත්හඑහිදී ප‍්‍රහාරාත්මක ඉනිමක් ක‍්‍රීඩා කළ කුසල් ජනිත් ජයග‍්‍රහණයේ නියමුවා වෙමින් පන්දු 37කට මුහුණ දෙමින් හයේ පහර 04ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු 66ක් රැස් කිරීමට සමත්විය.

ධනුෂ්ක ගුණතිලක සමග එක්වෙමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58ක සම්බන්ධතාවක්ද චන්දිමාල් හා උපුල් තරංගසමගක්වෙමින් පිළිවෙළින්28කහා29ක සම්බන්ධාතවක් පැවැත්වූ කුසල් සිය කණ්ඩායමට ජයග‍්‍රහණයේ බලාපොරොත්තු ඇති කළේයයුස්වේන්ද්‍ර චහල් එවූ පන්දුවක් චන්දිමාල් ඇසිපිය ගැසීමටත් පෙර කඩුල්ලේ දැවටීම හේතුවෙන් ලකුණු 14 කට පිටියෙන් ඉවත් වූ අතර උපුල් තරංග(17) චහාල්ගේම පන්දුවක් හමුවේ පන්දු කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය.

වේගවත් ආරම්භයක් ලබාගැනීමට කුසල් මෙන්ඩිස් සමත්වුවද වොෂින්ටන් සුන්දර්ගේ පන්දුවක් හමුවේ ශීකර් ධවාන්අතටඋඩපන්දුවක්දෙමින් ලකුණු 11 කට දැවී ගියේය යැවීමේදී වොෂින්ටර් සුන්දර් හා චහාල් කඩුලූ 02 බැගින් දවා ගැනිම ට සමත්විය.

ශීකර් ධවාන්ගේ වේගවත් පිතිහරඹය හමුවේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව ඕවර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලකුණු 174 ක් රැස් කළේය ශතකයට ලකුණු 10 ක් මෙපිටින් දැවීයාම හේතුවෙන් සිය මංගල විස්සයි20 ශතකය ලබාගැනීමට තිබූ අවස්ථාව ධවාන්ගෙන් ගිලිහී ගියද විස්සයි20 තරගයකදී රැස්කළ ඉහළම ලකුණු සංඛ්‍යාව වාර්තා කිරීමට ඔහු සමත්විය පන්දු 30 කදී සිය පස්වැනි විස්සයි20 අර්ධ ශතකය ලබාගත් ධවාන් දැවීයන විට පන්දු 49 කට මුහුණ දෙමින් හයේ පහර 6 ක් සහ හතරේ පහර 6 ක් සමගින් ලකුණු 90 ක් ලබාගත්තේය.

මනීෂ් පාණ්ඬේ සමගින් එක්ව තෙවැනි කඩුල්ල සදහා පන්දු 64 කදී ලකුණු 95 ක සම්බන්ධතාවයක් ගොඩනැගීමටද ශීකර් ධවාන් සමත්විය ජීවන් මෙන්ඩිස්ගේ විශිෂ්ඨ පන්දු රැකීම හමුවේ ප්‍රවේගකාරී පිතිකරුවකු වූ රෝහිත් ශර්මා ලකුණු ලබාගැනීමට පෙර පිටියෙන් ඉවත් කිරීමට හැකිවිය දුෂ්මන්ත චමීර යවන ලද තරගයේ ප්‍රථම ඕවරයේ සිවුවැනි පන්දුවෙන් රෝහිත් ශර්මා දැවීයන විට ඉන්දීය මුළු ලකුණු සංඛාව එකක් විය.

ජීවන් මෙන්ඩිස් යවන ලද 8 වැනි ඕවරයේ දෙවැනි පන්දුවේදී ශීකර් ධවාන් කඩුල්ල මුවා කිරීමේ වරදට හසුකර ගැනීමට කළ ඉල්ලීම ප්‍රධාන විනිසුරු විසින් ප්‍රතික්‍ෂේප කිරීමත් සමගින් විනිසුරු තිරණය විමසීමේ ක්‍රමවේදය වෙත යෑමට නායක දිනේෂ් චන්දිමාල් තීරණය කළේය. පුණරූපන නැරඹ්මේදී පන්දුව පා ඉන්නෙන් පිටත පතිතවීම හේතුවෙන් ශීකර් ධවාන් දැවී නොගිය බවට තෙවැනි විනිසුරු විසින්ද තීරණය කිරීමත් සමගින් ශ්‍රී ලංකාව සතුව තිබූ එකම විනිසුරු තීරණය විමසීමේ ක්‍රමවේදය ඉල්ලා සිටීමේ අවස්ථාව අහිමිව ගියේය.

තරගය ආරම්භයේදී දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් හොදින් පන්දු යැවීමට සමත්වුවද අවසන් ඕවර කිහිපයේදී දැඩි ප්‍රහාරයකට ලක්වීම හේතුවෙන් ධණුෂ්ක ගුණතිලක පන්දු යැවීම සදහා ගෙන්වීමට නායක චන්දිමාල්ට සිදුවිය එහිදි හොදින් පන්දු යැවූ ධණුෂ්ක ගුණතිලක ඕවර 3 ක් යවමින් ලකුණු 16 කට කඩුල්ලක් දවාගත්තේය බංග්ලාදේශය සමගින් පැවති දෙවැනි විස්සයි20 තරගයේදී කණ්ඩායම නියෝජනය කළ ශෙහාන් මධුෂංක සහ ඉසුරු උදාන වෙනුවට දුෂ්මන්ත චමීර සහ නුවන් ප්‍රදීප් කණ්ඩායමට කැඳවා ඇති ආබාධයට ලක්ව සිටි කුසල් ජනිත්ගේ ආගමනය සමගින් අමිල අපෝන්සුටද කණ්ඩායමේ ස්ථානය අහිමිවී ගියේය.

Comments

Popular posts from this blog

කුසල් මාරයි තරගය හමාරයි කුසල්ගේ සුපිරි ඉනිමෙන් චන්දිගේ වාසනාවෙන් ඉන්දියාව අන්ත අසරන කරමින් සිංහයො දින්නේ මෙහෙමයි

වාර්තා තියලා සනා මතක් කරමින් පොඩි සනා ගහපූ සුපිරි ඉනිම මෙන්න VIDEO