නිදහස් කුසලානයට එන බංගලියන්ගේ බලාපොරොත්තු කඩවෙයි..

ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වෙන නිදහස් කුසලාන විස්සයි20 තුන්කොන් ක්රිකට් තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවීම සඳහා නම් කරනු ලැබ සිටි තුන් ඉරියවු ක්රීඩක සකීබ් අල් හසන් තරගාවලියෙන් ඉවත්වන බව එරට ක්‍රිකට් පාලක මණ්ඩලය නිවේදනය කරයි.

ඇඟිල්ලේ ආබාධයකට ලක්ව සිටින සකීබ් තවමත් ඉන් පූර්ණ සුවය ලබා නොසිටියද බංග්ලාදේශ තේරීම් කමිටුව ඔහුව නිදහස් කුසලාන තරගාවලිය සඳහා නම් කළ සංචිතයට ඇතුළත් කිරීමට පියවර ගත්තේ තරගයකට, දෙදෙකට හෝ ක්රීඩා කිරීමට ඔහුට හැකි වේ යැයි බලාපොරොත්තුවෙනිකෙසේ වුවත් එම ආබාධ තත්ත්වය නිසා තවමත් ඔහු පුහුණුවීම් ආරම්භ කර නොමැති බවත්, පූර්ණ සුවය ලැබීම පෙර ක්රීඩා කිරීමෙන් ඔහුගේ අබාධ තත්ත්වය තවත් උග්ර විය හැකි යැයි වෛද්යවරුන් පැවසූ බවත් බංග්ලාදේශ ක්කට් පාලක මණ්ඩලය සඳහන් කරයි.

ඒ හේතුවෙන් තවත් කෙටි කාලයක් සකීබ්ට විවේක ලබාදීමටත්, ඔහුගේ හිඩැස පිරවීම සඳහා මැද පෙළ පිතිකරු ලිටන් දාස් බංග්ලාදේශ සංචිතයට කැඳවීමටත් එරට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන තිබේ.ලින්ටන් මේ දිනවල ක්රි යාත්මක දේශීය එක්දින තරඟාවලියේ ශතක දෙකක් සමඟ ලකුණු අතර සිටින ක්‍රීඩකයෙකු වන අතර ඔහු අවසාන වූ BPL තරඟාවලියේද හොඳින් ලකුණු අතර සිටි ක්රීඩකයෙකු ලෙස හැඳින්විය හැක.

සකීබ් සහභාගි නොවීම නිසා අවසන් වරට ශ්රී ලංකාවට එරෙහිව පැවැතිවිස්සයි20 තරගාවලියේදී බංග්ලාදේශ කණ්ඩායම මෙහෙයවූ මහමදුල්ලා රියාද්නිදහස් කුසලාන තරගාවලියේදීද බංග්ලාදේශ කණ්ඩායමේ නායකත්වය දරනු ඇත බංග්ලාදේශ සංචිතය: මහමදුල්ලා (නායක) , ටමීම් ඉක්බාල්, සෞම්‍යා සාර්කර්, ඉම්රුල් කයිස්, මුෂිෆිකර් රහීම්සබීර් රහ්මන්, මුස්තාෆිසර් රහ්මන්, රුබෙල් හොසේන්, ටස්කිං අහමඩ්, අබු හයිඩර්, අබු ජයඩ්, අරිෆුල් හක්, නස්මුල් ඉස්ලාම්, නුරල් හසන්, මෙහෙඩි හසන්,ලින්ටන් ඩාස්

Comments

Popular posts from this blog

කුසල් මාරයි තරගය හමාරයි කුසල්ගේ සුපිරි ඉනිමෙන් චන්දිගේ වාසනාවෙන් ඉන්දියාව අන්ත අසරන කරමින් සිංහයො දින්නේ මෙහෙමයි

වාර්තා තියලා සනා මතක් කරමින් පොඩි සනා ගහපූ සුපිරි ඉනිම මෙන්න VIDEO